මැතිවරණය කල් දැමීමට එරෙහිව සමාජවාදී තරුණ සංගමය පාරට
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව හා නියමිත දිනට ඡන්දය පවත්වන ලෙස බලකරමින් සමාජවාදී තරුණ සංගමය සංවිධානය කරන ලද විරෝධතාවයක් මැතිවරණ කාර්යාල ඉදිරිපිට ඊයේ (22) පැවැත්විණි.
එම අවස්ථාවට සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර , නීතිඥ මනෝජ් නානායක්කාර සහ අලුත් පියාපත් සංවිධානයේ මෙහෙයුම් කටයුතු සාමාජිකා ශානිකා සිල්වා ඇතුළුව සමාජ ක්‍රියාකාරකයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
එහිදී ඔහු විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අතර විරෝධතාවය හේතුවෙන් මැතිවරණය කාර්යාලයේ අවට දැඩි ආරක්ෂාවක් ද යොදවා සරණ මාවත, සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබුණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

