Latestදේශීය

රෝහල් සඳහා ඩීසල් ලබාදීමට ජපානයෙන් ඩොලර් මිලියන 46ක්

දිවයින පුරා පිහිටි රජයේ රෝහල් සඳහා ඩීසල් සැපයීම වෙනුවෙන් ඩොලර් මිලියන 46 ක මානුෂීය ප්‍රදානයක් සිදුකිරීමට ජපාන රජය කටයුතු කර තිබේ.

ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම (22) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සිදු විය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (Mizukoshi Hideaki) යන මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම ගිවිසුම අනුව ජපාන රජය ඩීසල් ලීටර් මිලියන 20ක් ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත අතර වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ වෛද්‍ය සේවා පහසු කිරීම උදෙසා මෙම මානුෂීය ආධාරය සිදු කර තිබේ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *