Latestදේශීය

ගෞරවණීය පාර්ලිමේන්තුවේ සුසිල්ගේ කුණුහරුප

අද (24) පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා විසින් අසභ්‍ය වචන කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියට පරිභව කළ බවට කතානායකවරයාට පැමිණීලි කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ දී සරසවි සිසුන් විසින් පැවැත්වූ විරෝධතාවය මැඩලීමට පැමිණි පොලිස් නිළධාරීන් විසින් ගුරු මාරු මණ්ඩලයේ රාජකාරි කරමින් සිටි නිළධාරින් හට අමානුෂික අන්දමින් පහර දී රාජකාරියට බාධා කිරීම පිළිබදව කවිරත්න මන්ත්‍රිවරිය විමසූ අවස්ථාවේදී සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයා ඉතා පහත් වචන කියමින් මන්ත්‍රිවරියට පරිභව කළ ආකාරය වීඩියෝගතව තිබෙනවා. එම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය හරහා සංසරනය වෙමින් පවතින අතර අධ්‍යාපන අමාත්‍යවරයාගේ හැසිරීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

මීට පෙර අවස්ථාවකදී වාසුදේව නානායක්කාර මහතා විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේම පරුෂ වචනයකින් රනිල් වික්‍රමසිංහ මහතාට බැන වැදුනු අතර එදා මෙදා තුර විවිධ අවස්ථාවන්හීදී දේශපාලනඥයින් ව්‍යවස්ථාදායකයේ ගෞරවයට හානි වන අයුරින් කටයුතු කර ඇති අතර අද සුසිල් ප්‍රේමජයන්ත් අමාත්‍යවරයාගේ ප්‍රකාශය එහි උච්ඡතම අවස්ථාවක් බව දේශපාලන විචාරකයින්ගේ අදහසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *