මැතිවරණය කල් දමන්නේ දිනන එක ෂුවර් නැති නිසයි- මහින්ද රාජපක්ෂ
ආණ්ඩුව මැතිවරණ කල් දමන්නේ තම ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයක් නොමැති වීම හමුවේ විය හැකි යයි හිටපු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
තම රජය සමයේ මැතිවරණ කල් දැමීමට කටයුතු නොකළේ ජයග්‍රහණය ගැන විශ්වාසයක් තිබීම හේතුවෙන් බවද ඔහු පැවසීය.
නියමිත කාලයට මැතිවරණ පැවැත්වීම රජයේ යුතුකම හා වගකීම පැවසූ ඔහු කෙසේ වෙතත් මුදල් නොමැතිනම් මැතිවරණ පැවැත්වීමේ හැකියාවක් නැතැයිද සඳහන් කළේය.
ඔ්නැම මොහොතක මැතිවරණයට මුහුණ දීමට තම පක්‍ෂය සූදානම් බවද රාජපක්ෂ මහතා පැවසුවේ මහනුවර දී මාධ්‍ය අමතමිනි.
මැතිවරණයක් පැවැත්වුවහොත් රජයට ඇති ජනතා කැමැත්ත එමගින් තේරුම් ගැනීමට හැකි වනු ඇති බවද ඒ මහතා එහිදී තව දුරටත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

