ඉන්දීය භූ චලනයේ බලපෑම කොළඹටත්
ඉන්දියාවට විශාල පරිමාණයෙන් භූ චලනයක් සිදුවූවොත් එය ශ්‍රී ලංකාවේ කොළඹ නගරයට ද බලපෑමේ ඉඩ වැඩි බව භූගෝල විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා සඳහන් කරයි.
ඉන්දියාවේ භූ විද්‍යා විමර්ශන ආයතන විසින් අනතුරු හඟවා ඇත්තේ ඉදිරි සතියේ දී ඉන්දියාවේ උත්තර ප්‍රදේශ වලට රික්ටර් පරිමාණ ඒකක අටක පමණ ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුවිය හැකි බවටයි.
එතරම් ප්‍රබල භූ චලනයක් සිදු වූවොත් එය අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවේ කොළඹටත් බලපාන බවද පැවසූ ඔහු මීට වසර 2කට පමණ පෙර ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ සිදුවූ රික්ටර් පරිමාණ පහක පමණ භූ චලනයකින් කොළඹ නගරයයේ ගොඩනැගිලි සෙලවීමකට ලක් වූ බවත් හෙතෙම කියා සිටියේය.
මෙතරම් විශාල භූමිකම්පාවක් සිදු වුවහොත් ඉන්දියාවේ ඇති වසර සිය ගණන් පැරණි ගොඩනැගිලි වලටද දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානම ඇතැයිද හෙතෙම තවදුරටත් පැවසීය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

