සාගර කාරියවසම්ට නොතීසි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් පසුගිය පෙබරවාරි 7 වන දින මාතර දිස්ත්‍රික්කයේ හි ප්‍රාදේශීය සභා හයක සභාපතිවරුන්ගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවමින් (Suspend) මාතර දිස්ත්‍රික් තේරීම භාර නිලධාරී වෙත යවන ලද ලිපිය මාර්තු 9 වන දින දක්වා අත්හිටුවමින් වාරණ නියෝගයක් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද (23) ලබා දුන්නේය.
මෙම සභාපතිවරුන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා නිදහස් ජනතා සන්ධානයෙහි හෙලිකොප්ටරය ලකුණ යටතේ තරඟ වැදීමට සිය නාම යෝජනා භාරදී ඇත.
මාතර දිස්ත්‍රික්කයේ වැලිගම, තිහගොඩ, කඹුරුපිටිය, දික්වැල්ල, කිරින්ඳ පුහුල්වැල්ල, හක්මන සහ අකුරැස්ස යන ප්‍රාදේශිය සභා වල සභාපතිවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවන ලෙස පෙබරවාරි 7 වන දින මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි වෙත සාගර කාරියවසම් මහතා විසින් මෙම ලිපිය යවන ලද අතර, ඒ සම්බන්ධව බස්නාහිර පළාත් සිවිල් අභියාචන මහා අධිකරණයේ ගොනු කර තිබූ නඩුවක් විභාගට ගනිමින් චමත් මොරායස් සහ ප්‍රෑන්ක් ගුණවර්ධන යන විනිසුරුවරුන් විසින් මෙම අතුරු තහනම් නියෝගය ඊයේ (23) ලබා දුන්නේය.
ඒ අනුව මාර්තු 9 වන දින මේ සම්බන්ධව අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරන ලෙසද, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා වෙත නොතීසි නියෝගයක්ද නිකුත් කළේය.
නීතිඥ මනෝජා ගුණවර්ධනගේ උපදෙස් මත ජ්‍යෙෂ්ඨ නීතිඥ චන්දිම මුතුකුමාරණ මහතා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් වෙනුවෙන් මෙහිදී පෙනී සිටියේය.
– Media unit
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

