ඖෂධ මිල සහ හිඟය පිළිබදව විමර්ශනයට
පවතින ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බවට ඉදිරිපත් වූ පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මෙම පෙත්සම ගොනු කර ඇති අතර අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය නම් කර තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

