Latestදේශීය

රනිල්, හිරේ යන්න ලෑස්ති වෙන්න – ටිල්වින් සිල්වා

මැතිවරණය සම්බන්ධයෙන් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කිරීමටත් පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මැතිවරණයෙන් නොපැවැත්වෙන්නේ යැයි කළ ප්‍රකාශය මත ඔහු වසර තුනක සිර දඬුවමකට ලක්විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරයා විසින් මැතිවරණය පැවැත්වීමට බාධා කිරීම පිළිබඳව ඉදිරියේදී නීතිය හමුවට යන බවයි.

එමෙන්ම අද දිනයේ සිට මීට එරෙහි මහජන බලයක් කැඳවන බව ද හෙතෙම පැවසීය.

මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් අධිකරණයට පෙත්සම් ඉදිරිපත් කර ඇති මොහොතක එහි තීන්දුව දීමට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ දී මැතිවරණය නොපවත්වන බවට කළ ප්‍රකාශය අධිකරණයට කළ අපහාසයක් බවත් හෙතෙම කියා සිටී.

ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කරන්නේ ඔවුන් ඡන්දයකට ඇති බිය නිසා මිස මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නැති නිසා නොවන බවද පැවසූ ඔහු අධිකරණය දුන් තීන්දුව අනුව ඡන්දයක් පැවැත්වීමට කිසිදු බාධාවක් නැති බව ද පෙත්සම් විභාගය පමණක් කල් ගොස් ඇති බවත් පැවසීය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *