Latestවිදේශීය

රුසියාවට එරෙහි යෝජනාව සම්මත වෙයි

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාවක් වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

වැඩිදුරටත් වාර්තා වන්නේ ඊට පක්ෂව ඡන්ද 141ක් ලැබී ඇති බවත් රුසියාව ඇතුළු රටවල් 08ක් එම යෝජනාවට එරෙහිව ඡන්දය භාවිතා කර ඇති බවත්ය.

මේ අතර ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් 32ක් ඡන්දය භාවිතයෙන් වැළකී තිබුණි.

චීනය, ඉරානය, දකුණු අප්‍රිකාව යන රටවල් ද ඡන්දය ලබාදීමෙන් වැළකී ඇත.

විචාරකයින් පවසන්නේ මෙවර ඡන්දයේදී රුසියාවට එරෙහිව ඉන්දියාවේ ඡන්දය භාවිත කිරීම සඳහා ප්‍රබල බලපෑම් එල්ල වුවද නැවත වරක් ඉන්දියාව ඡන්දය ලබාදීමෙන් වැළකී සිටීම තීරණාත්මක තත්ත්වයක් බවය.

රුසියාව සමග බෙලරුසය, උතුරු කොරියාව, එරිත්‍රියාව, මාලි, නිකරගුවා සහ සිරියාව යන රටවල් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ රුසියානු නියෝජ්‍ය තානාපති Dmitry Polyanskiy ප්‍රකාශකයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මෙම ඡන්ද විමසීම අරුත්සුන් ක්‍රියාවක් බවය.

ලෝකයේම සහාය යුක්‍රේනයට ලැබෙන බවට මෙමගින් පිළිඹිඹු වන බව අදාළ ඡන්ද ප්‍රතිඵලයත් සමඟ ප්‍රකාශයක් නිකුත් කරමින් එරට ජනාධිපතිවරයා පවසා ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *