Latestදේශීය

ගොවි සහන සැළසීමට මිලියන 56,000ක්

මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැළසීම සඳහා රජය රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන් කර තිබේ.

විශේෂයෙන් ගොවි ජනතාවට තම නිෂ්පාදන සඳහා වැය වන පිරිවැය අවම කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම මුදල රජය ලබා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

වගා කටයුතුවල දී මුලික වියදම් ඉහළ යාම නිසා ගොවි ජනතාව මහත් අසීරුතාවයන්ට පත්ව තිබේ. ඇතැම් විට නිෂ්පාදන වියදම් ඉහළ යාම නිසා තම අස්වනුවලින් ප්‍රමාණවත් තරම් ලාබයක් නොලැබෙන බව ගොවි ජනතාව පෙන්වා  දෙයි


මෙම කාරණය සැළකිල්ලට ගනිමින් මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතුවල දී දැරීමට සිදුවන මූලික පිරිවැය අවම කිරීම සඳහා මෙම මුදල් වැය කිරීමට කටයුතු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දුන්නේය.


මෙම වර්ෂයේ පළමු කාර්තුව තුළ අවසන් කළ යුතු ව්‍යාපෘති සම්බන්ධව සමාලෝචන රැස්වීමකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය. මෙම සමාලෝචන රැස්වීම (23) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

@Media Unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *