වාහන අමතර කොටස් මිල 300% ඉක්මවා ඉහලට…
වාහන අමතර කොටස් වල මිල 300% කින් පමණ ඉහළ ගොස් ඇති නිසා වාහන හිමිකරුවන් දැඩි අපහසුතාවයට පත්ව සිටී.
ඇතැම් වාහන අමතර කොටස් අලෙවි කරැවන් මිල ගණන් හිතේ හැටියට ඉහළ නංවමින් ඇතැයිද වාහන හිමිකරුවන් කියා සිටිති.
කලින් රුපියල් 10,000 පමණ අලෙවි වූ අමතර කොටසක් මේ වන විට රුපියල් හතලිස් දහසකට ආසන්න දක්වා ඉහළ නංවා ඇති බවටද පාරිභෝගිකයන් චෝදනා කරති.
ප‍්‍රධාන ලාම්පු, පැති කණ්නාඩි, බැටරි ටයර් ආදී වැඩි වශයෙන් භාවිතා වන අමතර කොටස්වල මෙසේ මිල ඉහළ නැංවීම වැඩි වශයෙන් දක්නට හැකිය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

