Latestදේශීය

නෙල්ලිගල මාර්ගයේදී බස්‍ රථයක් අනතුරකට ලක්වෙයි

වන්දනා ගමනක නිරතවෙමින් සිටි කණ්ඩායමක් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීගොස් අනතුරකට ලක්ව ඇත.

මෙම බස් රථයේ ගමන් ගත් පිරිස මොරටුව ප්‍රදේශයේ සිට නෙල්ලිගල විහාරස්ථානයට, වන්දනා චාරිකාවක් ගිය පිරිසක් බවයි සඳහන් වන්නේ. ඔවුන් මොරටුව ඉඳිබැද්ද ප්‍රදේශයේ වැඩිහිටි සමිතියක පිරිසක් බවද සඳහන්.

අද (25) පෙරවරුවේ සිදුවී ඇති එම අනතුරෙන් පුද්ගලයින් 25ක් පමණ තුවාල ලබා මේ වනවිට පේරාදෙණිය සහ මහනුවර රෝහල්වලට ඇතුළත් කර ඇත.

මුරුතලාව නෙල්ලිගල මාර්ගයේ ස්ථානයකදී එම අනතුර සිදුවී ඇති අතර අනතුර සිදුවෙන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයින් 48ක් පමණ සිට ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් 26 දෙනෙකු පමණ මේ වනවිට රෝහල්ගත කර තිබෙනවා.

 


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *