ක්‍රීඩා

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය අද‍

08 වන වරටත් පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා විස්සයි විස්ස තරගාවලියේ අවසන් මහා තරගය අද (26) පැවැත් වීමට නියමිතව තිබේ.

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙවර අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇති අතර එම තරගය ද.අප්‍රිකාවේ කේප්ටවුන්හි දී මෙරට වේලාවෙන් පස්වරු 06.30ට ආරම්භ වීමට ඇත.

ද.අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.

කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම මේ දක්වා විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් මහා තරග 06කට සුදුසුකම් ලබා ඉන් අවස්ථා 05කදී ශූරතාව හිමිකර ගැනීමට සමත්විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *