Latestදේශීය

ජාතික ජන බලවේගයේ විරෝධයට ජල හා කඳුළුගෑස් ප්‍රහාර

විදුලි බිල ඉහළ නැංවීම, බදු ඉහළ නැංවීම, මැතිවරණය නොපැවැත්වීම ඇතුළු කරුණු රැසකට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය අද (26) පස්වරුවේ ආරම්භ කළ විරෝධතා පෙළපාලිට මීට සුළු මොහොතකට පෙර කැරලි මර්ධන පොලිසිය යොදවා ජල හා කඳුළුගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විරෝධතාවයේ පැමිණි පිරිස සහ කැරළි මර්දන පොලීසිය හයිට්පිටිය ආසන්නයේදී මුහුණට මුහුණ හමුවූ අතර එහිදී ජාතික ජන බලවේගයේ නායකයින් දිගින් දිගටම පොලිසියට පවසා සිටියේ ඉදිරියට ගමන් කිරීමට ඉඩ සලසා දෙන ලෙසය. එහිදී දෙපාර්ශවය අතර උණුසුම් ලෙස අදහස් හුවමාරු වූ අතර පසුව මද වේලාවකින් පොලිසිය ජල හා කඳුළුගෑස් ප්‍රහාරයක් දියත් කරන ලදී.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *