Latestදේශීය

අද සවස වැසි සහිත කාලගුණයක්

නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වල මුලතිවු දිස්ත්‍රික්කයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව නිවේදනය කරයි.

අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර සහ සබරගමුව පළාත්වල මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *