Latestදේශීය

පොලිස් ප්‍රහාරයෙන් හෘද එකකයේ නේවාසික රෝගීන්ටත් අසාධ්‍යයි

ඊයේ (26) පස්වරුවේ කොළඹ ජාතික රෝහල අසළදී කැරලි මර්දන පොලිසිය යොදවා ජාතික ජන බලවේගයේ විරෝධතාවයට එල්ල කළ කඳුළුගෑස් ප්‍රහාරය හේතුවෙන් ජාතික රෝහලේ හෘද රෝග එකකයේ නේවාසිකය ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ට සහ අක්ෂි රෝහලට පැමිණ සිටි රෝගීන් දැඩි පීඩාවකට පත්වූ බවත් හෘද රෝග එකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් කිහිපදෙනෙකු අසාධ්‍යව දැඩිසත්කාර ඒකකයට යොමු කර ඇති බවත් වාර්තා වේ.

මීට පෙර අවස්ථාවලදීද ජාතික රෝහල අසල කඳුළුගෑස් ප්‍රහාර දියත් කිරීම හේතුවෙන් රෝගීන්ට මෙවැනි පීඩාකාරී තත්වයන්ට මුහුණ දීමට සිදුවීම හේතුවෙන් රෝහලට බලපෑමක් එල්ලවන ආසන්නයේ කඳුළුගෑස් ප්‍රහාර එල්ල කිරිමෙන් වලකින පොලිසිය දැනුවත් කර ඇතත් අද දිනයේදි රෝගීන්ට දැඩි ලෙස පීඩා ගෙන අන්දමින් මෙලෙස පොලිසිය කටයුතු කර ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *