Latestදේශීය

ආනයනය කරන බිත්තර සියල්ල තොග වශයෙන් නිෂ්පාදන කර්මාන්තවලට

බිත්තර ආනයනය කිරීමේදී පනවා තිබූ ආනයන බද්ද පසුගියදා අඩු කළද , එය අදාළ වන්නේ රාජ්‍ය අංශයට පමණක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (26දා) රුවන්වැල්ලදී පැවති ක්‍රීඩා වැඩසටහනකට සහභාගී වූ අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා බිත්තර ආනයනය කිරීමට හේතුවූයේ රටතුළ පවතින බිත්තර හිඟය බවත්, බිත්තර හිඟය ආහාර නිෂ්පාදන කර්මාන්තය පවත්වාගෙන යෑමට බාධාවක් බැවින් බිත්තර ආනයනය සඳහා පැවති බදු අඩුකළ බවත්, එම අඩු කිරීම අදාළ වන්නේ රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා සඳහා පමණක්ම බවද අමාත්‍යවරයා පැවසීය.
එසේ ආනයනය කරන බිත්තර සියල්ල තොග වශයෙන් නිෂ්පාදන කර්මාන්ත වලට ලබාදෙන බවත් , ඒ හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදකයාට කිසිදු බලපෑමක් එල්ල නොවන බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *