බිත්තර ගෙන්වන්නේ ප්‍රමිති වාර්තාවට පසුව: වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය
ඉන්දියාවෙන් මෙරටට බිත්තර ආනයනය කිරීමට නියමිත බිත්තර තොගය සම්බන්ධයෙන් වන ප්‍රමිති වාර්තාව, නවදිල්ලිහි පිහිටි පශු සම්පත් අමාත්‍යාංශය මගින් (27) දිනයේ මෙරටට ලැබීමට නියමිත බව වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය පවසනවා.
අනතුරුව එම බිත්තර තොගය රැගත් නෞකාව මෙරට ළඟාවීමට නියමිතව ඇතැයි ද අමාත්‍යාංශය සඳහන් කරනවා.
අදාල බිත්තර නිෂ්පාදන සමාගම විසින් සිය ගොවිපොළ ආශ්‍රිතව කුරුළු උණ අවදානමක් නොමැති බවට රසායනාගාර පරීක්ෂණ වාර්තා මගින් තහවුරු කර ඇතැයිද වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය පවසනවා.
මෙම බිත්තර තොගය දිවයිනට ලැබීමෙන් පසු මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ද එහි ප්‍රමිතිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට නියමිත බවයි. අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසුවේ.
ආනයනය කිරීමට නියමිත එම බිත්තර බේකරි සහ හෝටල්වල භාවිතය සඳහා ලබාදීමටයි පියවර ගෙන ඇති අතර එම බිත්තරයක් රුපියල් 40ක පමණ මිලකට අදාල ආයතන සඳහා ලබාදීමට සැලසුම් කර ඇති බවයි වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය පවසන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

