Latestදේශීය

අ. පො. ස. සාමාන්‍ය පෙළ අයදුම් පත් භාරගැනීම (28) අවසන්

අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත් භාරගැනීම හෙට (28) අවසන් වේ.

මෙවර අයදුම්පත් භාරගැනීම මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදු කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. පාසල් අයදුම්කරුවන් තම පාසලේ විදුහල්පතිවරයා මගින් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව අයදුම්පත් යොමු කළ යුතුය.

www.doenets.lk හෝ www.onlineexams.gov.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි මගින් අයදුම්පත් යොමු කළ හැකිය. අයදුම්පතේ මුද්‍රිත පිටපතක් ලබා ගෙන අවශ්‍ය අවස්ථාවක දී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ තබා ගත යුතුය. අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා භාවිත කළ යුතු පරිශීලන නාම හා මුරපද විදුහල්පතිවරුන්ට යොමු කර තිබෙ.

 කිසිදු හේතුවක් නිසා අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය දීර්ඝ නොකරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අවධාරණය කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *