කාන්තා ලෝක කුසලානය ඔස්ට්‍රේලියාවට
6 වන වරටත් ලෝක කුසලාන කාන්තා 20යි විස්ස තරගාවලියේ ජය තමන් සතු කරගනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.
අවසන් තරගයේ සත්කාරක දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 19කින් පරාජයට පත්කරමින් ඔවුන් මෙම ජයග්‍රහණය වාර්තා කළා.
කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම
පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස්කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය.
ඔස්ට්‍රේලියාවේ ආරම්භක කඩුල්ල ලකුණු 36කදී බිඳ වැටුණු අතර එහිදී ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායමේ නායිකා මෙග් ලැනින් ලකුණු 10කට පිටියෙන් ඉවත් වූණා.
ඔස්ට්‍රේලියා ඉනිමේ බර කරට ගත් ආරම්භක පිතිකරු බෙත් මූනි පන්දු 53කින් 4 පහර 9ක් සහ 6 පහරක්ද සමගින් නොදැවී ලකුණු 74ක් රැස්කළ අතර ඈෂ්ලි ගාඩ්නර් ලකුණු 29ක් රැස්කළා.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම වෙනුවෙන් ෂබ්නිම් ස්මායිල් සහ මර්සාන් කේප් කඩුලු 2ක බැගින් දවාගත්තා.
ඒ අනුව ලකුණු 157ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කන්තා කණ්ඩායමේ
මුල් පෙළ කඩුලු 3ම ලකුණු 54කදී බිඳ වැටුණා.
දකුණු අප්‍රිකානු කන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 137ක් පමණයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

