Latestදේශීය

ජාතික ජන බලවේගයේ නිමල් අමරසිරි මහතා මියයයි

ජාතික ජනබලවේගය විසින් ඊයේ (26) කොළඹදී පැවත් වූ විරෝධතාවයට පොලිස එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයෙකු මේ වනවිට මියගොස් ඇති බව ජාතික ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අනාවරණය කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ නිවිතිගල පදිංචි නිමල් අමරසිරි (60) නමැති පුද්ගලයකු වන අතර ඔහු නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙකු බව ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවේ හිටපු පරිපාලන නිලධාරියෙකු බවද වාර්තා වේ.

මැතිවරණය කල් දැමීමට විරෝධය පළ පළ කරමින් ජාතික ජන බලවේගය ඊයේ පස්වරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලින් විරෝධතා පෙළපාලියක් ආරම්භ කළ අතර මද වේලාවක දී පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කෙරිණි.

මෙහිදී පුද්ගලයන් 28 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබූ අතර ඉන් දෙදෙනෙකු බරපතල තත්වයෙන් දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියහ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *