ජාතික ජන බලවේගයේ විරෝධතා පා ගමන නීති විරෝධියි – නිහාල් තල්දූව
ඊයේ දිනයේ ජාතික ජනබලවේගය විසින් පවත්වන ලද පෙළාපාලිය පොලිසිය විසින් නවතා දැමුවද ඔවුන් පැවැත් වු ජනහමුවට කිසිදු බාධාවක් සිදු නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
අවසර ඇතිව සිදු කරන උද්ඝෝනවලට පොලිසිය කිසිදු බාධාවක් සිදු නොකරන බවද පැවසූ ඔහු මාර්ගවල පෙළපාලි යාමට අවසර හිමි නොවන බවද ඔහු පැවසීය.
විරෝධතාකරුවන් විහාර මහාදේවි උද්‍යානය හා ඒ අවට රැදී සිටීම හා ලිප්ටන් වටරවුමේ රැස්වීම් පැවැත්වීමට පොලිසිට කිසිදු බාධාවක් සිදු නොකළ බවද පැවසූ ඔහු මාර්ගය අවහිර කරමින් පෙළපාලි නොයන ලෙසට ඔවුන්ට දැනුම් දී එම පෙළපාලිය නැවැත්වීමට කටයුතු කළ බවද ඔහු තව දුරටත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

