දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයකට වෘත්තීය සමිති සුදානම්
අසාධාරණ බදු පනතට එරෙහිව හෙට (01) දිනයේ දීප ව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව වෘත්තීයවේදීන් සදහන් කර තිබේ.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, තම සංගමය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට විශේෂ මධ්‍යමකාරක සභා රැස්වීමක් අද (28) පෙරවරු 10.00 කැඳවා ඇති බවයි.
එසේම වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පැවසුවේ, හෙට දිනයේ වර්ජනය සඳහා තෙල්, වරාය, විදුලිය වෘත්තීය සමිති ද සම්බන්ධවන බවයි. මේ අතර ලංකා බැංකු සේවක සංගමයේ සභාපති චන්න දිසානායක මහතා සදහන් කළේ හෙට දිනයෙන් පසුව රජය තම ගැටලුව විසඳීමට පියවර නොගන්නේනම් වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

