අම්බලන්ගොඩ වෙඩිතැබීමක්
අද (28) උදෑසන අම්බලන්ගොඩ, කුලීගොඩ, මීටියාගොඩ මාර්ගයේ ගොන්නදූව ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමකින් යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
42 හැවිරිදි සුදත් සිරි නැමති මාදම්පාගම, උස්මුදුල්ලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයා සිය බිරිඳව රාජකාරි ස්ථානයෙන් බස්සවා නැවත නිවස බලා එන අතරතුර දී මෙලෙස වෙඩිතැබීමට ලක්ව තිබුණි.
වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා බලපිටිය රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව තිබේ.පොලිස් විමර්ෂන ක්‍රියාත්මකයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

