ඩෙංගු අවධානම ඉහළ යයි
මේ දිනවල යලිත් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන අතර පුත්තලම, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ දෙහිවල, පිළියන්දල, රත්මලාන, ගොතටුව, මහරගම යන ප්‍රදේශවල වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන බවයි එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ඉන්දික විරසිංහ මහතා සඳහන් කරන්නේ.
මේ වසරේ ගත වූ කාලසීමාව තුල පමණක් ඩෙංගු රෝගීන් 11,184 ක් වාර්තා වී ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

