තිළිණිට අලුත් නියෝගයක්
කොළඹ මහාධිකරණයේ ගොනුකර තිබූ නඩුවක් අද (28) දින කැඳවනු ලැබූ අතර මෙම නඩුව තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සමිත අනුරුද්ධ යන අයට හිමි මෝටර් රථයක් 2013 වසරේදී මිලදී ගැනීම සඳහා වසා ඇති ගිණුමකින් රුපියල් ලක්ෂ 80ක වටිනාකමින් යුත් චෙක්පතක් ලබාදෙමින් වංචා කිරීම සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට එරෙහිව ගොනුකර තිබූණි. එම අවස්ථාවේදී චෙක්පත් වංචාවක් සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකර ඇති නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ මහතා විසින් ජූනි මස 05 සහ 06 යන දිනවල විභාගයට ගැනීමට අද (28) නියම කළේය.
විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් තම සේවාදායිකාව සමථයකට සූදානම් බවත් සදහන් කළත් එහිදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම්දෙමින් කියා සිටියේ, සමථයක් සම්බන්ධයෙන් මේ වන විට කිසිදු එකඟතාවයකට පැමිණ නොමැති බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

