මැතිවරණය පවත්වන ලෙස රජයට නියෝග
සැලසුම් කර තිබෙන පරිදි මහමැතිවරණය පවත්වන ලෙස පාකිස්තාන රජයට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
පාකිස්තාන හමුදාව සහ අධිකරණ ක්ෂේත්‍රයේ බලධාරීන් එක්ව එරට නායකයෙකු බලයෙන් බලයෙන් නෙරපා මැතිවරණය පමා කිරීමට සැලසුම් කර ඇති බවට වාර්තා පළවීමත් සමඟ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නියෝගය නිකුත් කර ඇත.
එරට අගවිනිසුරුවරයෙකු වන ඉෆ්තිකාර් චොද්‍රි සිය නියෝග මගින් සඳහන් කර තිබෙන්නේ එළඹෙන මැයි මාසයේ පැවැත්වීමට නියමිතව ඇති මහමැතිවරණය, නොපැවැත්වීම වෙනුවෙන් විධායකය සිවිල් සහ හමුදා බලධාරීන් ද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත යුතු බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

