110,000ක් පඩි ගන්න අයෙකුට රුපියල් 600ක් පිනට දුන්නා කියල හිතාගෙන ආදයම් බද්ද ගෙවන්න බැරි ඇයි?
පවතින තත්වය යටතේ බදු වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් මේ මොහොතේ ශ්‍රී ලංකාවට නැතැයි ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරාල් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.
ආදායම් බද්දට එරෙහිව අද දිනයේ වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබුණද එය සාර්ථකත්වයට පත් වී නැති බවද පැවසූ ඔහු රටේ සියලූ ක්ෂේත්‍ර යන්නේ බාධාවකින් තොරව කටයුතු සිදු වී ඇතැයිද කියා සිටියේය.
සමහර දේශපාලන කණ්ඩායම් විසින් වැඩ වර්ජනයක් අද දිනයේ ප්‍රකාශයට පත් කර තිබුණද එම වැඩ වර්ජනය අසාර්ථක බව ද ඔහු පැවසීය.
අද වන විට ශ්‍රී ලංකාව බංකොලොත් තත්ත්වයට පත්ව සිටින බවත් එම තත්වයේ පවතින රටක් ගොඩ ගැනීමට සියලු දෙනා යම් හෝ කැපකිරීමක් කළ යුතු බවද හෙතෙම පවසයි.
අද විරෝධතාවයේ ප්‍රධාන කාරණාව වන ආදායම් බද්ද ආරම්භ වන්නේ එම රුපියල් 110,000ක් වැටුප් ලබන පුද්ගලයාගේ සිට බවත් එම පුද්ගලයාට ද අය වෙන්නේ රුපියල් 600 ක් පමණක් බවත් ඔහු කියා සිටියි.
110,000ක් වැටුප් ගන්න පුද්ගලයෙකුට රුපියල් හයසීයක් පිනට කියා සිතාගෙන ආදායම් බද්ද ගෙවීමට නොහැකි මන්දැයි හෙතෙම ප්‍රශ්න කළේය.
කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

