Latestදේශීය

භූමිතෙල් මිල වෙනස්වෙයි

අද මධ්‍යම රාත්‍රියේ සිට භූමිතෙල් ලීටරයක මිල රුපියල් 50 කින් පහත දමා ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

 භූමිතෙල් ලීටරයක දැනට පවතින මිල රුපියල් 355ක් වන අතර එය අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 305 ක් දක්වා අඩු කර ඇති බව සංස්ථාව පෙන්වා දෙනවා.

ලංකා කාර්මික භූමිතෙල් මිල ද රුපියල් 134 කින් පහත හෙළා තිබෙනවා ඒ අනුව රුපියල් 464 ක් වූ ලංකා කාර්මික භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 330 වේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ භූමිතෙල් මිල පහත දැමීමක් සිදු කළ ද පෙට්ට්‍රල් සහ ඩීසල් මිල වෙනස් වීමක් සිදු නොවන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *