Latestදේශීය

විදේශ ඇමති ඉන්දියාවේ සංචාරයක

භූ දේශපාලනය සහ භූ ආර්ථිකය පිළිබඳව ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ප්‍රමුඛතම සමුළුව වන රයිසිනා සංවාදයේ අටවැනි අදියරට සහභාගි වීම සඳහා විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා 2023 මාර්තු 02-04 යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.

ඔබ්සර්වර් පර්යේෂණ පදනම, ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව මෙම සමුළුව සඳහා සත්කාරකත්වය ලබා දෙයි.

ඉහත සමුළුව අතරතුර, “බෙදුණු ලොව සුවපත් කිරීම” (Healing a Divided World) සහ “බලාපොරොත්තුවේ බයිට්: තාක්ෂණය ඔස්සේ ප්‍රජාව ගොඩනඟන ආකාරය” (Bytes of Promise: How can Technology Lift Communities) යන මාතෘකා යටතේ 2023 මාර්තු 03 වැනි දින පැවැත්වීමට නියමිත විශේෂ සංවාද ද්විත්ත්වයට ද අමාත්‍යවරයා සහභාගි වනු ඇත.

අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන ආකාරයේ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා පවතින නව මාවත් කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් අමාත්‍යවරයා මෙම සමුළුවට සමගාමීව රටවල් කිහිපයක සිය මිත්‍ර පාර්ශ්ව හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.

 විදේශ කටයුතු අමාත්‍යංශය


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *