Latestවිදේශීය

විෂ දුම් ප්‍රහාරවලට ලක්වන ඉරාන ගැහැණු ළමුන්

කාන්තා අයිතීන්ට දැඩි සීමා පනවන රාජ්‍යයක් ලෙස ප්‍රකට ඉරාන ඉස්ලාමීය ජනරජය ඉරාන ගැහැණු ළමුන් වෙත විෂ දුම් ප්‍රහාර එල්ල කිරීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඒ ,එම ළමුන් පාසල් යාම වැළැක්වීමේ අරමුණින් බවයි වාර්තා වන්නේ.

පාසල් සිසුවියන් සම්බන්ධ මේ විෂ දුම් ප්‍රහාර පිළිබඳ විශේෂ අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඉරාන බලධාරීන් පියවර ගෙන තිබේ.මාහ්සා අමීනි නම් තරුණියක් මියයාමේ සිදුවීමක් මුල්කරගෙන ගෙවුණු මාස කිහිපය පුරා ඉරාන තුළ දැවැන්ත විරෝධතා පවා පැවැත්විය.මේ අතර වාර්තා වන්නේ පසුගිය නොවැම්බර් මාසයේ සිට මේ දක්වා ඉරාන පාසල් සිසුවියන් 700 දෙනෙකු මෙසේ විෂ දුම් ආඝ්‍රාණය වී රෝගී වී තිබෙන බවයි.ගැහැණු ළමුන් පාසල් යාම වළක්වා පාසල් වසා දැමීමේ අරමුණින් මෙය සිදුකරන්නට ඇති බව එරට සෞඛ්‍ය අංශ සැක පල කරයි.

මෙය සිතා මතා සිදුකළ අපරාධයක් බවට හඳුනාගෙන ඇතත් එය හා පාසල් වසාදැමීමේ උත්සහයක් සම්බන්ධ තොරතුරු මෙතෙක් අනාවරණය කරගැනීමට ඔවුන් සමත්ව නැත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *