වී ගොවියන් සදහා ඉන්ධන සහනාධාරයක්
ගොවියන් සදහා ඉන්ධන නොමිලේ ලබා දීමට අදාල ටෝකන් පත් නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඒ අනුව චීන රජය විසින් නොමිලේ පරිත්‍යාග කර ඇති ඩීසල් ලීටර් මිලියන 6.98 ක් මෙරට වී වගා කරන ගොවි ජනතාවට වගා කටයුතු සඳහා භාවිතා කිරීමට බෙදා දීමට නියමිතව ඇත.
එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ අද සිටම ගොවීන්ට ඉන්ධන ලබා ගැනීමට හැකිවන පරිදි ටෝකන් පත් නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බවයි.
මේ වන විටත් දිවයිනේ දිස්ත්‍රික්ක රැසක් සඳහා අදාළ ටෝකන් පත් නිකුත් කර අවසන්ව ඇත. කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 5කට අද දිනය තුළ ඉන්ධන ටෝකන් පත් යැවීමට නියමිතව ඇත.
සියලුම ගොවීන්ට නම් කරන ලද පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගැනීමේ හැකියාව පවතින බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

