Latestදේශීය

සමෘද්ධි අරමුදල් වලින් ලබගත් ණය පියවා නැහැ: විගණන කාර්යාලය

Covid වසංගත සමයේ එම වසංගතයෙන් පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා රුපියල් පන්දහසක දියුණුවක් ලබා දීම වෙනුවෙන් සමෘද්ධි අරමුදල් වලින් ලබාගත් මුදල් මෙතෙක් නිසි පරිදි පියවා නැති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කර තිබෙනවා.

 රාජ්‍ය බැංකු දෙකක පවත්වාගෙන යන සමෘද්ධි  ශුද්‍ර මූල්‍ය බැංකු අරමුදල, සමුර්ධි නිවාස සංවර්ධන ලොතරැයි අරමුදල සහ සමුර්දි අරමුදල ඇපයට තබාගනිමින් රුපියල් බිලියන දාහතරක මුදලක් ණයට ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කරනවා.

 එම මුදල් පියවීම වෙනුවෙන් මාස හයක කාලයක් ලබාදී තිබුණා. නමුත් එම ගෙවීම් කාලය පසුගිය වසරේ ඔක්තෝබර් දක්වා වරින්වර දීර්ඝ කර ගෙන ඇති බව ද එම කාර්යාලය පෙන්වා දෙනවා.

 2021 වසරේ සංවර්ධන අරමුදල වාර්ෂික වාර්තාව නිරීක්ෂණය කරමින් ජාතික විගණන කාර්යාලය පවසන්නේ මෙම මුදල් නිසි පරිදි පියවන ලෙස සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයා ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියකින් දැනුම්දී තිබෙන බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *