CTB ඉඩම් පුද්ගලික අංශයට
ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ පිහිටි භූමියෙන් කොටසක් පෞද්ගලික අංශයට පැවරීමට රජය සැලසුම් කර ඇතැයි ලංගම සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
මේ යටතේ මුල් මුලින්ම ඩිපෝ තුනක ඉඩම් කොටස් පෞද්ගලික අංශයට බදු දීමට සැලසුම් කර ඇතැයි ද සංගමයේ සංවිධායක එම්.ඩබ්.ඒ.කේ. ප්‍රියංකර මහතා පැවසීය.
තලන්ගම හැටන් හා මොණරාගල යන ලංගම ඩිපෝ පිහිටි ඉඩම් කොටස් මේ ආකාරයට පෞද්ගලික අංශයට පැවරීමට රජය සැලසුම් කර ඇතැයි ද හෙතෙම පැවසීය.
මෙම ඉඩම් පෞද්ගලික අංශයට පැවරීමෙන් විවිධ ගැටළු ඇති වන බවත් ඊට එරෙහිව විරෝධතා සිදුකරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

