Latestදේශීය

IMF ණය සඳහා චීනයෙන් අඛන්ඩ සහය

ජාත්‍යන්තර මූල්‍ය මූල්‍ය අරමුදල සඳහා ශ්‍රී ලංකාවේ ණය ඉල්ලුම් පත්‍රයට සහාය ලබාදෙන බවට චීන  අපනයන ආනයන බැංකුව සහතික වී ඇති බව චීනය යළි අවධාරණය කර ඇත.

 චීනයේ අපනයන ආනයන බැංකුව විසින් ඊට අදාළ ලේඛන මුදල් අමාත්‍යාංශය වෙත භාරදී ඇති බව එහි විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාඕ නින්ග් මහත්මිය මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබෙනවා.

 ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ 2022 – 2023 ට අදාළව ශ්‍රී ලංකාවට ගෙවීමට නියමිතව තිබූ ණය සඳහා වසර දෙකක සහන කාලයක් ලබා දීමට ද එකඟ වී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමග එක්ව ශ්‍රී ලංකාවේ ණය බර ලිහිල් කිරීමටත් තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීමටත් ධනාත්මක කාර්යයක් ඉටු කිරීමට චීනය බලාපොරොත්තු වන බව ,මෙම මාධ්‍ය හමුවට එක්වෙමින්  චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *