‘INS Sukanya’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි
තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Sukanya’ නෞකාව ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ,නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම සිදු කරමින් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.කොළඹ වරායෙන් ඊයේ (01) නෞකාව පිටත්ව ඇති බව සදහන්.
‘INS Sukanya’ නෞකාව දිවයිනේ රැඳී සිටි කාලසීමාව තුළ ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් වෙනුවෙන් නෞකාව මතදී පුහුණු වැඩසටහන් පවත්වන ලද අතර පුත්තලම, ගඟේවාඩිය නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරි යාත්‍රා බලඝණ මූලස්ථානයේදී ආපදා සහන සහ මානූෂිය ආධාර (HADR) සම්බන්ධ පුහුණු වැඩසටහනක් ද පැවැත්වුණා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

