Latestදේශීය

ඩයනාගේ නඩුව උණුසුම්

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පැමිණිල්ල අද (02) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කැඳවු අවස්ථාවේ දී දෙපාර්ශවයේ නීතිඥවරු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇතිව තිබෙන බව වාර්තා වේ.

අනතුරුව නඩුව පසුවට කල්තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර ඇත.

එම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී ඩයනා ගමගේ මහත්මියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා සහ අගතියට පත් පාර්ශවවලින් පෙනී සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ඇතුළු නීතිඥවරුන් අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම තීරණයට එළඹ තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *