රයිසිනා සංවාදයේ අටවැනි අදියරට අලි සබ්රි ඉන්දියාවට
භූ දේශපාලනය සහ භූ ආර්ථිකය පිළිබඳව ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ප්‍රමුඛතම සමුළුව වන රයිසිනා සංවාදයේ අටවැනි අදියරට සහභාගි වීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මහතා අද (02) සිට 04 වනදා දක්වා ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත වන බව වාර්තා වේ.
ඉහත සමුළුව අතරතුර, “බෙදුණු ලොව සුවපත් කිරීම” (Healing a Divided World) සහ තාක්ෂණය ඔස්සේ ප්‍රජාව ගොඩනඟන ආකාරය” (Bytes of Promise: How can Technology Lift Communities) යන මාතෘකා යටතේ 2023 මාර්තු 03 පැවැත්වීමට නියමිත විශේෂ සංවාද ද්විත්වයටද අමාත්‍යවරයා සහභාගි වන බව විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කරයි.
අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙන දෙන ආකාරයේ සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා පවතින නව මාවත් කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් අමාත්‍යවරයා මෙම සමුළුවට සහභාගී වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

