මාෂල් ඇති තැන ඔබ ඇතැයි සිතන නිදහස මාෂල් නැති තැනත් ඇතිකර ගන්න!
(මහේෂ් හපුගොඩ)
මුන් දෙන්නා හග් කරගන්න එක මාෂල් කාරයෙක් දැක්ක නම් තම්ස් අප් එකක් දීල හරි, පොඩි හිනාවක් දාල හරි, එකෙන්ම කොල්ලෝ කියල හරි ගියානම් මේ විදියට බුකියේ හත්පොලේ ගාගන්නේ නැහැනේ.
එක අවුල් පුද්ගල භාවයකට පුළුවන් නැති ප්‍රශ්න ඇති කරන්න. ඔය අදාල මාෂල්ට තිබ්බ ඔය හැමෝම බේරගන්න. හැබැයි මේ වෙච්ච දේ හොඳයි. මේ ආපු කතාබහ හොඳයි.
සිස්ටම් එකම අවුල් තමයි. එදා ඉඳල පේරාදෙණියේ මල්වත්තට පවා ලවර්ස්ල නයාට අඳුකොළ වගේ තමයි. හැබැයි පේරාදෙණිය ගාඩන් එක වැඩියෙන්ම සල්ලි හම්බ කළෙත් ආදරවන්තයින්ගෙන් තමයි.
සමහර විට විශ්ව විද්‍යාලේ ගොඩක් අයට මේ හග් එක එතරම් අදාලත් නැතුව ඇති. හැබැයි එක මාෂල් කෙනෙක් දෙන්නෙක් ඇදල නාගත්ත්හම ඔක්කොමල අවුල් වෙලා යනවා.
වැඩේ හොඳයි. ඒත් අනික් කෙනාට පේන්න එයාගේ ඇස (gaze) වෙනුවෙන් නෙවෙයි නිදහස තියෙන්නේ. මොකද මේ සියල්ල පටන්ගන්නේ මාෂල් ”එපා” කියන එකත් එක්ක.
මේ ෆොටෝ එක බලපුවාම ඒක තමයි මට හිතුණේ.
මේ බලන් ඉන්න ඇස තියනකොට ඔබ තියනවා කියල හිතන නිදහස මේ ඇස නැති තැනදීත් ඇති කරගන්න! ඒක තමයි මේ විපරීත යුගයේ අභියෝගය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

