Latestදේශීය

සඟවා ගෙන සිටි බිත්තර තොගයක්  සොයාගැනේ

වැඩි මිලට විකිණීම සඳහා බිත්තර තොගයක් සඟවා ගෙන සිටි ජාඇල, දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ ගබඩාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් ඊයේ (02) පියවර ගත්තා.

බිත්තර 60,000කට ආසන්න ප්‍රමාණයක් මෙසේ සඟවා තබාගෙන තිබෙනවා.මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අදාළ බිත්තර තොගය සම්බන්ධයෙන් අද (03) තීන්දුවක් ගන්නා බව පාරිභෝගික සේවා අධිකාරිය පැවසුවා.

සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි මහතාට අයත් ජාඇල, දඬුගම ප්‍රදේශයේ බිත්තර ගබඩාවෙන් බිත්තර මිලදීගැනීම බවට අඟවමින් පාරිභෝගික සේවා අධිකාරියේ කොළඹ විශේෂ වැටලීම් ඒකකය විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

ගබඩාවේ හිමිකරු විසින් ගබඩාව පරීක්ෂා කිරීමට මහතා දැඩි සේ විරුද්ධවීමත් සමග ඇතිවූ උණුසුම් තත්වය හේතුවෙන් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් ජාඇල පොලිසියට ගොස් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මහෙස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ගබඩාව පරීක්ෂා කිරීමට අවසර ලැබී ඇති අතර එහි තිබී සුදු හා රතු බිත්තර 60,000කට ආසන්න තොගයක් සොයා ගෙන තිබෙනවා.

ඒ අනුව වැඩි මිලට බිත්තර විකිණීම, සඟවා තබාගැනීම සහ කොන්දේසි සහිතව විකිණීම යන කරුණු මත ගබඩාවට මුද්‍රා තැබීමට ඊයේ රාත්‍රියේ පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තා.

එහිදී උපරිම සිල්ලර මිල ඉක්මවා විවිධ ආයතනවලට බිත්තර අලෙවි කළ බිල්පත් රැසක්ද පොලීසිය භාරයට ගෙන ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *