Latestදේශීය

අපේ වැඩ අවසන් – මහබැංකු අධිපති

ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අදාළව ශ්‍රී ලංකාව විසින් සිදුකළ යුතු සියලු වැඩකටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා, 

“ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන දැන් සම්පූර්ණයෙන්ම.. අපි විසින් කළ යුතු සියලුම වැඩකටයුතු කර අවසන්.”

“අපි බලාපොරොත්තු වෙනවා ඉතා සාර්ථකව ඉදිරියට යන්න පුළුවන් අවස්ථාවක් ඉක්මණින් ලැබෙයි කියලා.” 

“එතකොට මීටත් වඩා සාමාන්‍ය තත්ත්වයට පත්වෙයි.”

“මේ ගත්ත ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය අනුව විනිමය අනුපාත, සංචිත වැඩි කරගැනීම, උද්ධමනය පාලනයවීම, වෙළෙඳපොළ පොලී අනුපාතය තවදුරටත් අඩුවීමේ ප්‍රවණතාවය, රජයේ ආදායම වැඩිවීම ආදී වශයෙන් යහපත් ප්‍රවණතාවයන් ඇතිවෙලා තියෙන්නේ.”

“IMF මූල්‍ය පහසුකම බලාපොරොත්තු වුණ කාලසීමාවේදී නොලැබුණොත් මේ දැන් තිබෙන වර්ධනයත් සමග දිගටම යන්න පුළුවන් ඕනේ නම්.”

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *