Latestදේශීය

අධිකරණ තීරණයට අනුව කටයුතු කරනවා – රංජිත් සියඹලාපිටිය

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විසින් ලබාදුන් තීන්දුව අනුව කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

2023 අයවැය සදහා මැතිවරණයට අදාළව වෙන්කර ඇති මුදල් රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් අතුරු තහනම් නියෝගය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

“අධිකරණ තීන්දුවට අපි සියලු දෙනාම ගරු කරන්න ඕන. මුදල් අමාත්‍යාංශය වෙන්න පුළුවන්, රජය වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතනයක් වෙන්න පුළුවන් අධිකරණ තින්දුව පැහැදිලි කරගෙන ඒ අනුව කටයුතු කිරිම හැමදෙනාගේම වගකිමක්. මුදල් අමාත්‍යාංශය හැටියට අපි ඒ ගෞරවය අනුව කටයුතු කරනවා. අපි ඒකේ වැරදිමක් දකින්නේ නෑ. අධිකරණ තීන්දුව අනුව කටයුතු කරන්න බැදී සිටිනවා. ඒ තින්දුව අපි වියදම පෙළ ගස්සවා ගැනීමට කටයුතු කරනවා.”

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට රජයේ මුද්‍රණාලයට ලබාදිය යුතු මුදල් රඳවා ගැනීමද වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දින තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *