ඉන්දු – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරු හමුවෙයි
ඉන්දු – ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් සිදුව තිබෙනවා.
මෙම හමුව සිදුව ඇත්තේ විදේශ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඉන්දියාවේ පැවැත්වෙන සමුළුවක් සඳහා සහභාගී වීමට ගොස් සිටින අතරතුර බවද වාර්තා වේ.
මෙම හමුවේදී දෙරට අතර ආයෝජන, වෙළෙඳ හා සංවර්ධන හවුල්කාරීත්වය පිළිබඳ සාකච්ඡා වූ බව ඒ සම්බන්ධයෙන් ට්විටර් සටහනක් තබමින් ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා සඳහන් කර ඇත.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීමට හැකිවූ බව ද ට්විටර් සටහනක් තබමින් අලි සබ්රි අමාත්‍යවරයා ද පවසා තිබෙනවා.
එහිදී වැඩි වශයෙන් දෙරට අතර සබඳතාවල වත්මන් තත්වයන් සමාලෝචනයට ලක්කළ බව ද ඔහු සඳහන් කර ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

