Latestවිදේශීය

වසර 500ට පසුව හමුවූ කුළුබඩු

ස්වීඩනය ආශ්‍රිත මුහුදේ මුහුදුබත් වූ නෞකාවක තිබී කුළුබඩු තොගයක් සොයාගෙන තිබේ. 

මෙහි විශේෂත්වය වන්නේ මෙම නෞකාව මුහුදුබත් වී වසර 500කට පසුවත්, මෙම කුළුබඩු තොගය තවමත් හොඳ තත්වයේ පැවතීමයි.

කුංකුම, ගම්මිරිස් ,ඉඟුරු වැනි මෙම කුළුබඩු තොගය ආරක්ෂිතව ගබඩා කර තිබීම හේතුවෙන් ඒවා තවමත් හොඳ තත්යේ පවතින බවයි පුරාවිද්‍යාඥයන් පවසන්නේ.

මෙම නෞකාව එවකට ඩෙන්මාර්කයේ රජුට අයත්ව තිබූ බව ද සඳහන්වේ.

මෙම කුළුබඩු ආරක්ෂා වී තිබීමට හේතුව බෝල්ටික් මුහුදේ ඇති අඩු ඔක්සිජන්, අඩු උෂ්ණත්වය සහ අඩු ලවණතාව වැනි තත්වයන් විය හැකි බව පුරාවිද්‍යාඥයින් පෙන්වා දී තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *