Latestදේශීය

සමෘද්ධි බැංකුවක මුදල් වංචාවක්

සමෘද්ධි බැංකුවක රුපියල් නවකෝටි විසිපන් ලක්ෂයක මුදලක් වංචා කළ එම බැංකුවේ සමෘද්ධි සංවර්ධන නිලධාරිනියක ඇතුළු සිව්දෙනෙකු ඊයේ (03) අත්අඩංගුවට ගෙන තිබේ.

එම වංචාව සිදුවී ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ සමෘද්ධි බැංකුවකයි.

තැන්පතු කරුවන්ගෙන් මුදල් රුපියල් නවකෝටි විසිපන් ලක්ෂයක් මෙසේ වංචා කර අත්අඩංගුවට පත් සෙසු සැකකරුවන් අතර වැඩ තහනමට ලක්වූ සමෘද්ධි බැංකු කළමණාකරුවෙකු සහ ව්‍යාපාරිකයින් දෙදෙනකු ද සිටින බව පොලීසිය පවසනවා.

සමෘද්ධි බැංකුවේ මුදල් තැන්පතුකරුවන්ට ණය ලබාදෙන ආකාරයට ව්‍යාජ ලේඛන සකස් කර මෙම මූල්‍ය වංචාව සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ සමෘද්ධි නිලධාරිනිය ඇතුළු සැකකරුවන් සිව්දෙනා ඊයේ හෙරොම්බාව ප්‍රදේශයේදී අත්ඩංගුවට ගත් අතර ඔවුන් අවුරුදු 48ත් 56ත් අතර වයසේ පසුවන බවයි.

සැකකරුවන් කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *