Latestදේශීය

නීති විරෝධී ධීවර ක්‍රියාකාරකම් මැඬලීමට ස්වේච්ඡා බලකායක්

මෙරට ධීවර කර්මාන්තයේ නියැළෙන ධීවර කාර්මිකයන් සිදුකරන නීති විරෝධී ධීවර ක්‍රියාකාරකම් මැඬලීම සඳහා ආරක්ෂක අංශ හා වෙරළාරක්ෂක බලකායට අමතරව ස්වේච්ඡා බලකායක් පිහිටුවීමට පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවේ, වර්තමානයේ ධීවරයින් මුහුණ පා සිටින ආර්ථික හා දේශපාලනික අර්බුදයට මුහුණදීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා යාපනයේ (මාර්තු03) පැවති දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමේදිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
ඒ සදහා අපගේ ධීවරයන් යොදා ගනිමින් ස්වෙච්ඡා බලකායක් පිහිටුවීමටත්, එම බලකාය සදහා ධීවර කර්මාන්තය සුරක්ෂිත කිරීමට උනන්දුවක් දක්වන පුද්ගලයින් සම්බන්ධකර ගැනීමට අදහස් කරන බවත්,අමාත්‍යවරයා පැවසීය.

@Media Unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *