Latestක්‍රීඩාදේශීය

93වන සුලෝහිත සංග්‍රාමය ජය පැරදුමෙන් තොරව නිමවෙයි

කොළඹ ආනන්ද සහ නාලන්ද දෙවිදුහල් අතර පැවති 93 වන සුලෝහිත සංග්‍රාම මහ ක්‍රිකට් සටන අද එස්.එස්.සී. ක්‍රීඩා පිටියේදී ජය පැරදුමෙන් තොරව අවසන් වුණා.

කඩුලු පහකට ලකුණු 280ක් රැස් කිරීමෙන් අනතුරුව සිය ඉනිම අත් හිටවූ නලන්දා කණ්ඩායම සිය පිලිමලුන් ලකුණු 235කට සීමා කළා.

සිය ඉනිම ලකුණු 235 කට සීමාවුවත් තරගය ජයපැරදුමෙන් තොරව අවසන් කරගැනීම සඳහා අවශ්‍ය පදනම දමා ගැනීමට ආනන්ද කණ්ඩායම සමත්වුනේ පුන්දුවාර 87ක් දක්වා තම ඉනිම දිගහරිමින්.

මැදපෙළ පිතිකරු කිත්ම සිත්මල් විසින් රැස්කරන ලද ලකුණු 90 මේ සඳහා  බෙහෙවින් ඉවහල් වුණා. නාලන්දා කන්ඩායම වෙනුවෙන් සිය ප්‍රථම ඉනිමේදී ලකුණු 83ක් ලබා ගනිමින් දස්කම් දැක්වීමට එරංග ජයකොඩි සමත්වුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *