Latest

අද කොළඹට එන රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

කොළඹ කුරුඳුවත්ත බෞද්ධාලෝක මාවතේ පිහිටි අතුල දස්සනාරාම විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර හේතුවෙන් එම ප්‍රදේශය ආශ්‍රිත මාර්ග භාවිත කරන්නන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය දැනුම් දී තිබේ.

 අද රාත්‍රී 7 ට එම විහාරස්ථානයේ වාර්ෂික දසපාරමිතා පෙරහැර ආරම්භ වීමට නියමිතව ඇත.

පෙරහැර බෞද්ධලෝක මාවත, කනත්ත වටරවුම, බේස්ලයින් පාර බොරැල්ල හන්දිය, මරදාන පාර බේස්ලයින් හරස් පාර, ලෙස්ලි රණගල හන්දියෙන් නැවත හැරී එම මාර්ගයේම විහාරස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතව ඇත.

මේ හේතුවෙන් අද පෙරහර ගමන් ගන්නා මාර්ග භාවිතා කිරීමේදී වාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් අපහසුතා මගහරවා ගැනීමට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය විසින් ජනතාවට දැනුම් දී තිබෙනවා


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *