Latestදේශීය

ශ්‍රී.ල.නි.ප. මහලේකම් දයාසිරි වෙනුවට සරත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන මහලේකම්වරයා ලෙස හිටපු මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පත්කර තිබේ.

පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම් කර ඇත.

සරත් ඒකනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ධුරයද දරමින් සිටියි.

පක්‍ෂ නායක මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසන්නේ දයාසිරි ජයසේකර මහතා විදේශගතව ඇති බැවින් ඔහු එන තෙක් පමණක් මෙම පත් කිරීම සිදු කර ඇති බවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ බවට මාධ්‍ය වාර්තා පල විය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *