Latestදේශීය

තරුණ සේවා සභාව නව්‍යකරණය කරනවා – රොෂාන් රණසිංහ

ජපන් සංස්කෘතික හා අධ්‍යාපනික ප්‍රදර්ශනයක් අනුරාධපුරයේ දී ප්‍රථම වරට පසුගිය දා පැවැත්වුණි.

එය සංවිධානය කළේ, ජාතික තරුණ සේවා සභාවේ ජපන් අධ්‍යාපන අංශය විසිනි. ප්‍රදර්ශනය පැවැත්වුනේ , අනුරාධපුර ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී යි.

ජපන් අධ්‍යාපනය ලබන පාසල් දරුවන් මෙන්ම ජපානයේ රැකියා අපේක්ෂිත පිරිස් ඒ සදහා පෙළඹවීම අරමුණු කර මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබුණි.

මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සභාව අමතමින් සදහන් කළේ , ජාතික තරුණ සේවා සභාව නව්‍යකරණ්‍ය කරමින් එය රටේ තරුණ තරුණියන් නිසි මාවතට ගැනීමට දායක වන ආයතනයක් බවට පත්කිරීම සදහා ඉදිරියේ දී නව වැඩපිළිවෙළ රාශියක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කරමින් සිටින බවය.

සතියේ දින හත තුලම විවිධ පාඨමලා පවත්වාගෙන යාම මෙන්ම කුඩා ව්‍යපාර ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට අවශ්‍ය විධිමත් වැඩපිළීවෙළ ආදිය කෙරෙහි දැඩි අවධානයක් යොමුකරන බව ද අමාත්‍යවරයා පැවසී ය.

ජපන් සංස්කෘතික ප්‍රදර්ශනය සංවිධානය කිරිම පිලිබදව අදහස් දැක් වූ අමාත්‍යවරයා සදහන් කළේ , විනය , නිසි ක්‍රමවේද ආදිය හරහා දියුණු වි ඇති ජපානය වැනි රටකින් ආදර්ශ ගැනීමට මෙවන් වැඩසටහන් සංවිධානය කිරිම ඉතා කාලෝචිත බවය.

දිනය පුරා පැවැත් වූ මෙම ජපන් සංස්කෘතික හා අධ්‍යාපනික ප්‍රදර්ශනයට විවිධ ජපන් සංස්කෘතිකාංග එක්කර තිබුණි. ජපන් තේ සාද , ඔරිගමි කඩදාසි නිර්මාණ කලාව පිලිබද වැඩමුළු , ජපන් ගීත හා නර්තන , ජපන් කඩු හරඹ , දුනු ශිල්ප ඇතුළු සටන් ක්‍රම ආදිය පිලිබද ප්‍රදර්ශනාත්මක දැනුවත් කිරීම් මෙහිදී සිදුවිය.

උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම් එන් .එච්. ආර්. නිශාන්ත , අනුරාධපුර නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ( පාලන ) රුවන් මෛත්‍රීපාල , ජාතික තරුණ සේවා සභාවේ පළාත් අධ්‍යක්ෂ එම්.බී. ගුණසේන, අනුරාධපුර තරුණ සේවා සභාවේ සහකාර අධ්‍යක්ෂ ගාමිණි චන්ද්‍රසේකර යන මහත්වරු මෙන්ම විද්‍යාල කිහිපයක විදුහල්පතිවරු, රාජගිරිය ජපන් ජාතිකයින්ගේ පාසලේ විදුහල්පතිතුමා , ජපන් ජාතිකයින් පිරිසක් මෙන්ම පාසල් දරුවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

@Media Unit


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *